අර්බුදයට මුහුණ දුන් රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය වැනි සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී රට සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ දැඩි අවබෝධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී අද (09) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
නීති උල්ලංඝනය කොට කෙරෙන ආනයන හේතුවෙන් වරායේ රඳවා ඇති භාණ්ඩ වෙන්දේසියේදී අක්‍රමිකතා සිදු වන බව අනාවරණය වී ඇත. සතොස, ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව වැනි රාජ්‍ය ආයතන මඟින් එම භාණ්ඩ අලෙවියෙන් දූෂණ වැළැක්වීමටත් රජයට ආදායමක් උපයා ගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දෙවන පර්යන්තයේ සහ කොළඹ වරාය නැගෙනහිර ජැටියේ ඉදිකිරීම්වල පවතින ගැටලු නිරාකරණය කර නියමිත කාලය තුළ ව්‍යාපෘති අවසන් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.
වර්තමානයේ මුහුණ දෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාදයකින් තොරව නිදහස් කිරීමට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය