ඉන්දියාවේ මෙරට මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා තමිල්නාඩු මහඇමති එම් කේ ස්ටාලින් මහතා හමුවිය.
මෙරට මහකොමසාරිස් වරයෙකු තමිල්නාඩු මහඇමතිවරයෙකු හමුවී ඇත්තේ 2011 වසරට පසු පළමු වතාවටයි.
එහිදී මෙරටට එවූ ආධාර සම්බන්ධයෙන් මහකොමසාරිස් වරයා පළකල ස්තුතියට ප්රතිචාර දක්වමින් මහ ඇමතිවරයා සඳහන් කර ඇත්තේ ශ්රී ලංකාවට තවත් මානුෂීය ආධාර නෞකාවක් සූදානම් බවයි.
එය නුදුරේදීම ලංකාවට එවනබව ඔහු පැවසීය.