ලිට්‍රෝ ගෑස් තවත් පමා වෙයි. එන දිනය ගැන සමාගමෙන් නිවේදනයක්

May 29, 2022 at 10:11 AM

ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාව හෙට පස්වරුවේ මෙරටට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව ලබන බදාදා සිට ගෑස් බෙදාහැරීම සිදු කිරීමට නියමිත බව එම සමාගම නිවේදනය කරයි.

මෙම ගෑස් නෞකාව පසුගිය සතියේ මෙරටට පැමිණීමට නියමිතව තිබුණත් ඉන්ධන සපයා ගැනීමේ කටයුතු හේතුවෙන් එය දින ගණනාවක් ප්‍රමාද වී තිබේ.