ගෝටා ගෝ ගමට අගමැති කාර්‍යාලයෙන් පණිවුඩයක්

May 27, 2022 at 9:18 AM

 

“ගෝටාගෝගම” අරගලකරුවන් හා සම්බන්ධවී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කරමින් ඔවුන්ගේ අදහස් හා යෝජනා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කිරීමේ  එක් ඉදිරි පියවරක් ලෙස “ගෝටාගෝගම” සිටින අරගලකරුවන් මෙන්ම රට පුරා සිටින වෙනසක් ඉල්ලන තරුණයන්ගේ ගැටලු හා යෝජනා ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වෙබ් අඩවියක් හදුන්වාදීමට   කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව ඔවුන්ට තමන්ගේ ගැටලු හා යෝජනා ඉදිරිපත් කිරීමට ඩිජිටල් නියෝජිත කාර්යාලයක් ස්ථාපනය කර ඇත.

 

අග්‍රාමාත්‍ය නිල වෙබ් අඩවිය වන www.pmoffice.gov.lk හරහා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ හැකිය.

එසේ ඉදිරිපත් කෙරෙන යෝජනාවලින් වඩාත් ඵලදායි සහ ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කරන තරුණයන්ට හෝ කණ්ඩායම් වලට අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී සාකච්ඡා කිරීමට ද ඉදිරියේදි අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අවස්ථාව ලබාදෙන බව  එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක  රුවන් විජයවර්ධන පවසයි .