ඇතැම් ජාවාරම් කරුවන් ඉන්ධන කෑන් සඳහා ඉන්ධන ලබාගෙන යම් යම් ද්‍රාවණ මිශ්‍ර කොට අලෙවි කරන බව වාර්තා වී ඇතැයි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් වලින් පිට තෙවන පාර්ශ්ව වලින් ඉන්ධන මිලදී නොගන්නා ලෙස ඔහු පාරිභෝගික ජනතාවට දැනුම් දෙයි.
එවන් ජාවාරම් පිලිබඳව බලධාරීන් දැනුවත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටී.