ශ්‍රී ලංකාවෙන් ගිය අනවසර යාත්‍රාවක් ඕස්ට්‍රේලියානු මුහුදේ!

May 21, 2022 at 12:03 PM

ශ්‍රී ලංකාවෙන් ගිය අනවසර යාත්‍රාවක් ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවට ඇතුලු වී ඇතැයි එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසයි.

එරට වෙරළාරක්ෂක අංශ පවසන්නේ මෙය අනවසර සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් වියහැකි බවයි.

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය වරිය පවසන්නේ ඕස්ට්‍රේලියව බලා ගමන් කරමින් තිබූ එක් නෞකාවක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇති අතර , තවත් නෞකාවක් ක්‍රිස්මස් දූපත අසල නිරීක්ෂණය වූ බවයි.

ඒ සම්බන්ධයෙන් නෛතික කටයුතු සිදු කෙරීමට නියමිත බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරමින් සිටී.

කෙසේ වෙතත් අදාල සැක කටයුතු යාත්‍රාවේ වැවැඩිදුර තොරතුරු තවමත් හෙලිවී නැත.