නිදහස් පක්ෂයේ නියෝජිතයින් දෙදෙනෙකු අගමැති හමුවෙයි

May 16, 2022 at 8:12 AM

අද උදෑසන 09ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර සහ රංජිත් සියඹලාපිටිය යන මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත බවයි වාර්තා වනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි. ඒ, පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා මෙම විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවා ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක සඳහන් කළේ.