ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙසක් දිනය වෙනුවෙන් නිකුත් කළ ශුභාශිංසන පණිවුඩයේ මෙසේද දැක්වෙයි.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ ලැබූවෝ අපරිමිත සම්බුදු ගුණ මෙනෙහි කරනුයේ අචල ශ්‍රද්ධාවෙන් යුතුව ය.
අටලෝ දහමින් කම්පා නො වීමේ ගුණය පිළිබඳ කරුණු බෞද්ධ සාහිත්‍යයේත් බුද්ධ චරිතය පුරාත් අපට සුලබව හමු වේ.
එකී දහමට අනුව වීර්යාධික වූවෝ ගැඹුරින් විමසා කල්යල් බලා තීරණවලට එළඹ වඩාත් උචිත විසඳුම් ලබා දුන් අවස්ථා බෞද්ධ අපට ආගන්තුක නො වේ.
තං ච කම්මං කතං සාධු – යං කත්වා නානුතප්පති
යස්ස පතීතො සුමනො – විපාකං පටිසෙවති
“යම් ක්‍රියාවක් කොට පසුතැවිල්ලට පත් නො වේ ද, යම් ක්‍රියාවකගේ විපාකය ප්‍රීතියෙන් හා සතුටෙන් යුක්තව විඳින්නේ ද, ඒ ක්‍රියාව කළ සැටි යෙහෙකි”
යනුවෙන් ධර්මයේ සඳහන් වෙයි.
රට අසීරුතාවට පත් ව ඇති මේ මොහොතේ සියලු රටවැසියන් වෙනුවෙන් මහජන නියෝජිතයන් සියලු දෙනා එක් ව විසඳුමක් උදෙසා වහ වහා කටයුතු කළ යුතු ය.
ඒකායන අරමුණ විය යුත්තේ මූලික අරමුණින් බැහැර නො වී අපේක්ෂිත ඉලක්කය වෙත ළඟා වීම ය.
පවතින තත්ත්වය සිහි නුවණින් දැක සියලු දෙනාට පොදු සාධාරණ විනිශ්චයක් දිය හැකි වැඩපිළිවෙළක් වටා එක් විය යුතු ය.
ඒ බෞද්ධ පිළිවෙත ය. ඒ සඳහා ලිච්ඡවී සංකල්පය වඩාත් උචිත වන පරිදි යොදා ගනිමින් අර්බුද සමනය කිරීමට එක් වන්නැයි මේ උතුම් වෙසඟ දිනයේදී මම ඔබගෙන් ඉල්ලා සිටිමි.