අගමැතිගෙන් හෙට ප්‍රකාශයක් !

May 14, 2022 at 8:41 PM

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් හෙට රට හමුවේ ප්‍රකාශයක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහුඒ බව පැවසීය.

“ඉදිරි සති දෙක තුන තමයි ඉතාමත් තීරණාත්මක වන කාල සීමාව , ඒ සම්බන්ධයෙන් මමහෙට කතා කරන්න බලාපොරොත්තු වෙනවා.”

-අගමැති

මේ අතර ගාලුමුවදොර අරගල භූමියේ පහසුකම් සැපයීම සඳහා නගරාධිපති තුමිය, හිටපු අමාත්‍ය  රුවන් විජේවර්ධන මහතා ,සෞඛ්‍ය අමාත්‍යංශ නියෝජිතයෙකු , හමුදා සහ පොලිස් නියෝජනයක් ද ඇතුලත්ව වැඩපිලිවෙලක් සකස් කරන බවද ඔහු සඳහන් කලේය.


එමෙන්ම අරගල භූමියේ තරුණයින් ඉදිරිපත් කල යෝජනා අට සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනබව අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේය.

තරුණයින් ගේ උද්ඝෝෂණය  ට කිසිදු බාධාවක් හෝ හානියක් නොකරන බවටද ඔහු සහතික විය.

” මේ ගෝටා ගෝ ගම පාලනය කළ යුත්තේ ඒ කණ්ඩායම විසින්. ආණ්ඩුව නෙවෙයි. නමුත් අපි තරුණ හඬට කන් දිය යුතුයි. තරුණ පරපුරේ හඬ නියෝජනය කරන සංකේතය තමයි ගෝටා ගෝ ගම !”