හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ, මන්ත්රී නාමල් රාජපක්ෂ, මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුළු සැකකරුවන් 17 දෙනෙකුට කොටුව අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවා.
ඒ ඉකුත් මැයි මස 09 වෙනිදා “මයිනා ගෝ ගම සහ ගෝඨා ගෝ ගම” සාමකාමී අරගල භුමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනු කළ නඩුව අවසන් වන තුරුයි.