ගෘහස්ථ පරිභෝජනය සඳහා නිකුත් කිරීමට ගෑස් තොග නොමැති බව ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් පවසයි.
ඒ හේතුවෙන් ගෑස් ඉල්ලා පෝලිම් වල රැඳී සිටීමෙන් පලක් නොවන බව ඔහු සඳහන් කර තිබේ.
දැනට ගෑස් නිකුත් කෙරෙන්නේ කර්මාන්ත අවශ්‍යතා සඳහා පමණක් බව ඔහු සඳහන් කරයි.
ගෑස් හිඟය හේතුවෙන් ඊයේ දිනය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශ වල දිගු පෝලිම් සහ උණුසුම් තත්ත්වයන් වාර්තා විය.