නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීම සඳහා මේ වන විට පාර්ලිමේන්තුවේ රහස් ජන්දයක් පවත්වනු ලබනවා. ඒ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා රංජිත් සියඹලාපිටිය සහ ඉම්තියාස් බාකීර් මාකර් ගේ නම් යෝජනා වීමත් සමගයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නම යෝජනා කරනු ලැබූ රංජිත් සියඹලාපිටිය සඳහා ආණ්ඩු පක්ෂයේ විසින් සහය දක්වනු ලබන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පිරිස් විසින් සඳහන් කර සිටියා.
