ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට තවත් පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් ඊයේ ළඟා වී ඇති බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා. ඒ අනුව ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලබාදී ඇති ඉන්ධන ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 440,000 දක්වා ඉහළ යනු ඇති.
කෙසේ වෙතත් මෙරටට බලපෑ ඇති ඉන්ධන හිඟය තවදුරටත් උග්‍ර වී තිබෙනවා. ඊයේ වනවිට ඉන්ධන නොමැතිව ඇතැම් ඉන්ධන අලෙවිසැල් වසා දමා ඇති අතර ඇතැම් ස්ථානවල දිගු පෝළිම් දක්නට ලැබුණා.
