ඉන්ධන බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සහ ඩිපෝවල මෙහෙයුම් සිදුවෙමින් පවතින බව බලශක්ති අමාත්‍ය, කාංචන විජේසේකර පවසනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
මේ අතර දුම්රිය, රජය සතු බවුසර් සහ පෞද්ගලික බවුසර් යොදාගනිමින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
එමෙන්ම වර්ජනයේ යෙදී සිටින ඇතැම් පෞද්ගලික කුලී බවුසර් සාමාජිකයින් බෙදාහැරීම් ආරම්භ කර ඇති ටැංකිවලට බාධා කරන බවට හඳුනාගෙන ඇති බව ද කාංචන විජේසේකර අමාත්‍යවරයා තැබු සටහනේ.