අග්‍රාමාත්‍යවරයා ට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පසුගිය 26 වැනිදා ස්ථාපනය කරන ලද අරගලභූමියේ අට්ටාල අද අලුයම් කාලයේදී පොලීසියෙන් ඉවත් කර තිබේ.
මෙම අරගල භූමිය නිලවශයෙන් ස්ථාපනය කළ 26වැනිදාට පෙරදා රාත්‍රී කාලයේ දී එම ස්ථානයට බස් රථ හා ට්‍රක් රථ ගාල් කිරීමට පොලීසිය කටයුතු කල අතර , ඉන් පසුව විරෝධතා කරුවන් එම බස් රථ ආසන්නයේ අට්ටාලයක් ඉදිකොට දින හතරක් තිස්සේ විරෝධය පලකරන ලදී.
පෙරේදා ද පොලීසිය එම අට්ටාල ඉවත් කිරීමට උත්සහ ගත් නමුත් එය ව්‍යර්ථ වූයේ එම ස්ථානයේ සිටි අයෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමත් සමගිනි.
මෙම විරෝධතා කරුවන් ඉවත්කිරීමට අධිකරණ නියෝගයක් පොලීසියෙන් ඉල්ලා සිටියද ඊට අධිකරණය එකඟතාව පලකොට නැහැ.
කෙසේ වෙතත් ඊයේ අලුයම මෙම අට්ටාල ඉවත් කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
විරෝධතා කරුවන් මේවනවිට අරලිගහ මන්දිරය ඉදිරිපිට මාර්ගයේ කොළඹ දෙසට මං තීරුවේ විරෝධතා පලකරමින් රැඳී සිටී.