ජනාධිපතිවරයා සහ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් සිව් දෙනෙකු අතර ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වී තිබේ.
ඊට පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම් සහ මාධ්‍ය ලේකම් සංජීව එදිරිමාන්න සහභාගී වී තිබේ.
මෙහිදී පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ කණ්ඩායමේ අන්තර්වාර ආණ්ඩු යෝජනාවලිය පිලිබඳව ගැඹුරින් සාකච්ඡා කර ඇති බව වාර්තාවේ.
එමෙන්ම පසුගියදා ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත පසුගියදා එවූ යෝජනාවලිය ද සාකච්ඡාවට බඳුන් වී තිබේ.
ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකල බවයි වාර්තා වන්නේ.