ලංකාවේ පාසල් දෙකක ඉන්නේ එක සිසුවෙකු බැගිනුයි. සිසුන් 1000ට අඩු පාසල් ප්‍රතිශතය 91% ක් . – අධ්‍යාපන ලේකම් කියයි.

April 28, 2022 at 8:57 PM

මෙරට පාසල් පද්ධතිය තුල සමස්ත පාසල් සංඛ්‍යාව 10100  කට අධික  වන අතර ඉන් පාසල් දෙකක සිටින්නේ එක් සිසුවෙකු බැගින් බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.

ඒ බඹරකන්ද දිය ඇල්ල පාමුල ගම්මාන දෙකකය.

පාසල් සංඛ්‍යාව අනුව සිසුන් 1000ට අඩු පාසල් ප්‍රතිශතය 91%කි.

සිසුන් 500ට අඩු පාසල් සංඛ්‍යාව 78 % ක් පමණ වේ

සිසුන් 200 ට අඩු පාසල් ද 51% ක් පමණ වන බව ඔහු සඳහන් කරයි.

මේ අතර සිසුන් 9000ට වැඩි කොළඹ බාලක පාසලක් ද ඇති බව පවසන අධ්‍යාපන ලේකම් වරයා ගුරු වෘත්තීය සමිති ඉල්ලා සිටින පරිදි ලඟම පාසලට යාමට ගුරුවරුන්ට අවස්ථාව දීමට පෙර ලඟම පාසල සිසුන්ට ලබා දීම වැදගත් බව පෙන්වා දෙයි.

අධ්‍යාපන ලේකම්