නව කෘෂිකර්ම ඇමති උද්ඝෝෂකයින් හමුවට

April 28, 2022 at 2:13 PM

කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සහ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, අද බත්තරමුල්ල දියත උයන ඉදිරිපස සත්‍යග්‍රහයක නිරත ජාතික ගොවිජන එකමුතුවේ නියෝජිත පිරිස මුණගැසී ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා කටයුතු කරන ලදී.

මෙහිදී ගොවීන් විසින් මුහුණ පා ඇති ගැටළු පිළිබඳ සන්දේශයක් අමාත්‍යවරයා වෙත භාර දීමට ද මෙම පිරිස විසින් කටයුතු කරන ලදී.
ඒ අනුව, ඔවුන්ගේ ගැටළු සඳහා විසඳුම් ලබා දීම අරමුණු කරගනිමින් අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡාවක් ලබා දීමට තමා විසින් කටයුතු කරනු ලබන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර කඩිනමින් ගෙන්වා ලබා දීමට කටයුතු කරන බවත්, වගා හානි වලට වන්දි ලබා දිමට සැලසුම් කර ඇති බවත්, අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

සන්දේශය මඟින් පෙන්වා දී ඇති අනෙකුත් ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දින 3ක් ඇතුළත අවස්ථාව සලසන බව ද අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය.