සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්රතිපත්තිමය වශයෙන් තමන් එකඟ බව ජනාධිපති ගෝටාභය රජපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව, එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකතු වන ලෙසයි.
මෙම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන සිකුරාදා විශේෂ හමුවක් පැවැත්වීමටත් සැලසුම් කර ඇති බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
මෙම විශේෂ හමුවේ දී පිහිටුවීමට නියමිත නව රජයේ දල සැලැස්ම සහ වත්මන් අග්රාමාත්යවරයා හා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීමෙන් අනතුරුව නව සර්ව පාක්ෂික රජය පිහිටුවන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරිමට නියමිතයි.