ලෝක බැංකුවෙන් ආධාරයක්

April 26, 2022 at 7:18 PM

පවතින ආර්ථික අසීරුතාවට පිළියමක් ලෙස ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර ඇත.

ඉන් ඩොලර් මිලියන 400ක් පළමු අදියර යටතේ කඩිනමින් ලබා දෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත චියෝ කැන්ඩා (Chiyo Kanda) මහත්මිය සඳහන් කලේ ලෝක බැංකු     නියෝජිතයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  අතර අද (26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදී .

ඖෂධ හා සෞඛ්‍ය අවශ්‍යතා, සමාජ ආරක්ෂණ, කෘෂිකාර්මික හා ආහාර සුරක්ෂිතතාව සහ ගෑස් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මෙම මුදල් ලබා දීමට නියමිත ය. පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහාය ලබා දෙන බව ද ලෝක බැංකු නියෝජිතයෝ සඳහන් කළහ.