නව කැබිනට් මණ්ඩලය කෙටිකලකටයි. 20 අහෝසි කිරීමේ යෝජනාවකට සහ දෙමි. – ජනපති ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ට යැවූ පිළිතුර

April 25, 2022 at 4:02 PM

ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් විසින් පසුගියදා ජනාධිපතිවරයා ,අග්‍රාමාත්‍යවරයා සහ පක්ෂ නායකයින් වෙත යැවූ ලිපියට ජනාධිපතිවරයා පිළිතුරක්  යවා තිබේ.

එහි දක්වා ඇත්තේ 20 අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ගෙන එන යෝජනාවක් සඳහා සහය දෙන බවයි.

එ මෙන්ම වත්මන් තරුණ කැබිනට් මණ්ඩලය ප්‍රායෝගික තත්ත්වය සැලකිල්ලට ගෙන කෙටිකලක් සඳහා පත්කළ බවත් එහි සඳහන් ය.

ව්‍යවස්ථා සංශෝධන කමිටුවේ නිර්දේශ ලද වහාම එය අමාත්‍ය මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා පවසා ඇත.

තමා මහා සංඝ රත්නයේ අවවාද අනුශාසනා කිසිවිටෙකත් නොසළකා නොහරිනබවද ජනාධිපතිවරයා අඅවධාරණය කරයි.