ඩයලොග්, MAS හා Hemas එකතුවෙන් ‘මනුදම් මෙහෙවර’ හදිසි සහන සැපයීමේ වැඩසටහන අරඹයි

April 25, 2022 at 10:55 AM

                           සර්වෝදයත් සමඟින් දැඩි ලෙස පීඩාවට පත් පවුල් 100,000කට වැඩි සංඛ්යාවකට හදිසි සහන බෙදාහැරේ

Dialog Axiata PLC, MAS Holdings, Hemas Holdings PLC, සර්වෝදය ශ්රමදාන ව්යාපාරය සහ PwC Sri Lanka  එකතුවෙන් ක්රියාත්මක කරනු ලබනමනුදම් මෙහෙවරවැඩසටහන මගින් රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත් පවුල් සහ ප්රජාවන් වෙත හදිසි සහන බෙදාදීමේ කටයුතු ආරම්භ කරන ලදී.


එහි බෙදාහැරීමේ සහකරු සර්වෝදය සහ  විගණන සහකරු PwC Sri Lanka ඇතුළු සම අදහස් ඇති හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගනිමින් Dialog, MAS සහ Hemas අරමුදල් සපයනමනුදම් මෙහෙවරවැඩසටහන මගින් දිවයින පුරා පීඩාවට පත්ව සිටින ප්රජාව අතුරින් පවුල් 100,000 කට වැඩි පිරිසකට හදිසි සහන සැලසීම අරමුණු කර ඇත. දීප ව්යාප්ත සහන බෙදාහැරීමේ කටයුත්තේ මාධ් හවුල්කරුවන් ලෙසින් ස්වාධීන රූපවාහිනිය, සියත, ස්වර්ණවාහිනී, ටීවී දෙරණ සහ වසන්තම්ද  එක්විය.

මෙම කාලීන මෙහෙවර ඔස්සේ අද වන විට දිස්ත්රික්ක 25 ආවරණය වන පරිදි හදිසි සහන බෙදාදීම ආරම්භ කර ඇත. ඵලදායී ආර්ථික ප්රතිසාධන සැලසුමක් මගින් තිරසාර ප්රතිලාභ සම්පාදන වැඩපිළිවෙලක් රට තුළ ස්ථාපනය කරන තෙක් දින 60ත් 90ත් අතර කාලයක්මනුදම් මෙහෙවරවැඩසටහන සිය සහන සැපයුම් කටයුතු පවත්වාගෙන යනු ඇත.

මෙම මානුෂීය ප්රයත්නය හා එක්වෙමින්, හදිසි සහනාධාර බෙදාහැරීමේ මෙහෙයුම පුළුල් කිරීම වෙනුවෙන් එක්වන ලෙසමනුදම් මෙහෙවරසියලු ආයතනවලට ආරාධනා කර සිටියි.