ඉන්ධන මිල ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහල යාමත් සමග ගුරුවරුන් සහ දරුවන්ට ලඟමපාසලේ අධ්‍යාපන කටයුතු කිරීමට අවසර ඉල්ලීම ට ප්‍රතිචාරයක් නොමැතිවීම හේතුවෙන් ගුරු විදුහල්පති වරු සහ ගුරු උපදේශකවරු අද වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙති.
ඒ අනුව ගුරුවිදුහල්පති සහ ගුරු උපදේශක වරු අද ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටින බව වෘත්තීය සංගම් පවසයි.
මේ අතර ඉන්ධන මිල ඉහල දැමීමට විරෝධය පලකරමින් නිකවැරටිය සිට පා ගමනක නිරත වන ගුරුවරයෙකු අද අරගල භූමියට එක් වීමට නියමිතය.
ඔහු එම පා ගමන ඇරඹුවේ මීට දින හතරකට පෙර යි.
මග දෙපස පාසල් වලින් ද ඔහුට පිලිගැනීම් ලැබිණ.
අශෝක චන්ද්‍රසේකර නම් මෙම ගුරුවරයා අද සිය පා ගමන ගාලුමුවදොර පිටියෙන් අවසන් කිරීමට නියමිතය.