සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට. ඉන්ධන සීමා ඉවත් කෙරේ

April 19, 2022 at 3:09 AM

සිපෙට්කෝ ඉන්ධන මිලද ඉහල නැංවීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

නව මිල ගණන් අනුව ඔක්ටේන් 92, IOC  පෙට්‍රල් මිල සහ සිපෙට්කෝ පෙට්‍රල් මිල සමාන වේ. (338)

නමුත් IOC , ඔක්ටේන් 95 පෙට්‍රල් ම්ලට වඩා සිපෙට්කෝ මිල රුපියල් හයකින් වැඩි කර ඇත . (IOC  373- සිපෙට්කෝ 367)

සිපෙට්කෝ ඩීසල් මිල289ක් වන අතර ,IOC  ඩීසල් මිල ද ඊට සමාන වේ.

සුපිරි ඩීසල් වල මිල ලංකා IOC – රුපියල් 327ක් වන අතර සිපෙට්කෝ මිල ඊට වඩා රුපියල් 2 කින් වැඩි වන අතර සිපෙට්කෝ මිල රුපියල්  329 ක් වේ


ඊට අමතරව පසුගිය දා පැනවූ ඉන්ධන සැපයුම් සීමා ද ඉවත් කර තිබේ.