ජ්‍යෙෂ්ඨ නීතීඥ පිරිසක් සහ අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (18) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
මේ වන විට රටේ උද්ගතව ඇති ගැටලු නිරාකරණය කිරීම සහ රජයට විරුද්ධව පවත්වන අරගල හේතුවෙන් රටට සිදුවන අගතිය පිළිබඳව මෙහි දී සාකච්ඡා විය.
ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා ඉවත් කිරීම විරෝධතාකරුවන් පවසන පරිදි සිදු කළ නොහැකි බවත්, ව්‍යවස්ථාව පිළිබඳ පැහැදිලි අවබෝධයකින් තොරව, වර්තමානයේ ජනතාව මුහුණ දෙන ගැටලු මුල් කර ගනිමින් කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් මෙම අරගල මෙහෙයවන බව පෙනෙනන්ට ඇති බවත්, මෙහිදී නීතීඥවරු පෙන්වා දුන්හ.
88-89 කාලයේ පැවැති අරගලවලදී ද එවකට රටේ නායකයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ඝාතනය කළ යුතු බවට ගෙන ගිය විරෝධය අවසාන වූයේ රටට විශාල විනාශයක් සිදු කරමිනි.
අතීතය සහ පවතින නීති පිළිබඳ අවබෝධයකින් තොරව මේ වන විට තරුණ තරුණියන් යොදා ගනිමින් ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට සහ රජයට එරෙහිව ක්‍රියාත්මක කරනු ලබන අරගලය, රට පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින්නේ නැවතත් රට ව්‍යසනයකට ගෙන යෑමට විය හැකි බව ද නීතීඥවරු සඳහන් කරති.
වර්තමාන අරගලවලට පහසුකම් සඳහා සාමාන්‍ය ජනතාව මුදල් ලබා දෙන බවක් නොපෙනෙන අතර, කිසියම් සංවිධානයක් විසින් සැලසුම්සහගතව මේ සඳහා මුදල් වියදම් කරමින් රට අරාජික කිරීමට කටයුතු කරමින් සිටින බවට සැක මතුවී ඇති බවත් නීතීඥවරු මෙහි දී පෙන්වා දුන්හ.
මෙරට ජනමාධ්‍ය ද දැනුමිවත්ව හෝ නොදැනුම්වත්ව රට අරාජික කිරීමේ අරගලයට විවිධ අයුරින් සහයෝගය ලබා දීම නොකළ යුතු බවත් මෙවැනි අවස්ථාවක ජනමාධ්‍ය වගකීම් සහිතව කටයුතු කළ යුතුව ඇති බවත් නීතීඥවරු පෙන්වා දුන්හ.
මහජන නියෝජිතයින්ගේ වත්කම් විගණනය කිරීම කාලීන බවත්, එය රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ආරම්භ කළ යුතු බවත්, මහජන නියෝජිතයින් කලින් කලට වෙනස් වුව ද රාජ්‍ය නිලධාරීන් මාරු නොවීම සහ රාජ්‍ය ආයතනවලත් නිලධාරීන්ගෙත් දූෂණ සහ වංචා අද දේශපාලඥයින් මත පැට වී ඇති බවත් නීතීඥවරු කියා සිටියහ.
සංවිධානාත්මක කල්ලි ජනතාව උපයෝගී කර ගනිමින් රජය අපහසුතාවට පත් කිරීමටත්, ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් ඉවත් කර ඔවුන්ගේ පටු අරමුණු ඉෂ්ඨ කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, එබැවින් මෙම අර්බුදය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ජනතා අවශ්‍යතා ඉටු කර දෙමින්, ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් ධෛර්ය සම්පන්නව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් නීතීඥවරු මෙහි දී වැඩි දුරටත් පැවසූහ.
රටේ උද්ගතව ඇති අර්බුදය විසඳීමට රජය කටයුතු කරමින් සිටින බවත්, ජනතාව යොදා ගනිමින් වෙනත් සංවිධාන කරගෙන යනු ලබන දේශපාලන කුමන්ත්‍රණ ගැන ජනතාව අවබෝධයෙන් සිටිය යුතු බවත් මම මෙහි දී ප්‍රකාශ කර සිටියෙමි.
ජනාධිපති නීතීඥවරුන් වන ඩබ්ලිව්.දයාරත්න, රෂික් ෂාරුක් යන මහත්වරුන් ඇතුළු නිතීඥ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.