IMF සමග සාකච්ජාවට මුදල් ඇමති ඇතුළු කණ්ඩායම අමෙරිකාවට

April 17, 2022 at 7:52 AM

ශ්‍රී ලංකාව පත් වී තිබෙන මූල්‍ය අර්බුදයට විසදුම් සොයා මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි ඇතුළු කණ්ඩායම අද උදෑසන ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මෙම කණ්ඩායමට මුදල් අමාත්‍යවරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු සිව්දෙනෙකු ගෙන් යුත් පිරිසක් ඇතුලත්.

අලුයම 05.07 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 659 දරන ගුවන් යානයෙන් මුලින්ම කටාර් රාජ්‍යයේ දෝහා වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබු එම කණ්ඩායම එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් මෙම පිරිස ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිතය.