රජයේ රෝහල්වල ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟයක් නැතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබිණ.
ඒ බස්නාහිර පළාතේ රෝහල්වල දැනට පවතින ශල්‍ය උපකරණ ලයිස්තුවක් උපුටා දක්වමිනි.
කෙසේ වෙතත් එම නිවේදනය නිවැරදි විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තවත් නිවේදනයක් අද නිකුත් කළේය.
මේ එම නිවේදනය යි.
ඊට අනුව ඇතැම් ඖෂධ හිඟයක් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එම තත්ත්වය සඳහා විකල්ප සැලසුම් ද ක්‍රියාවට නංවමින් තිබේ.