අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග රැසකට පැනවු සීමාව දීර්ඝ කෙරේ

April 13, 2022 at 10:10 AM

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 කට පැනවූ ආනයනය සීමා කාලය තවදුරටත් දිර්ඝ කර තිබෙනවා.  මුදල් අමාත්‍යවරයා ගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ආහාර වර්ග යටතේ ඇපල්, බටර්, රටඉඳි, දොඩම්, මුදවපු කිරි, යෝගට්, ඕට්ස්, චොකලට්, කෝන්ෆ්ලෙක්ස් සහ පැස්ටා ආනයනය තහනම් වනු අතර වතුර බෝතල්, බීර වර්ග, විදෙස් මත්පැන් සහ දුම්වැටි වර්ග මෙන්ම සුවඳ විලවුන්, රූපලාවන්‍ය උපකරණ සහ රැවුල කැපීමට ගන්නා විද්‍යුත් උපකරණ සඳහා මෙම සීමාවන් ක්‍රියාත්මක වේ.

මීට අමතරව වායු සමීකරණ, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, මයික්‍රෝවේව් උදුන්, රයිස් කුකර්, ටෝස්ටර් සහ කෝපි හා තේ සෑදීමට ගන්නා නිවාස තුළ භාවිත කරන විද්‍යුත් උපකරණ සඳහා ද එම සීමා පනවා ඇත.

එම ගැසට් නිවේදනය