පකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය ට එරට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ෂෙබාස් ශරීෆ් තේරී පත්විය.
ඔහුගෙ නම විපක්ෂ සන්ධානය මගින් යෝජනාකල අතර හිටපු විදේශ අමාත්‍ය ෂා මහමුද් කුරෝශි ගේ නම හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගේ පක්ෂය මගින් යෝජනා විය.
කෙසේ වෙතත් පසුව එම නාමයෝජනා කරු ද ඇතුලුව ඉම්රාන් ඛාන්ගේ පක්ෂ නියෝජිතයින් පාර්ලිමේන්තු සභාවෙන් ඉවත්ව ගිය අතර ශෙබාස් ෂරීෆ් ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කෙරිණ.
ශෙබාස් ෂරීෆ් එරට තෙවරක් හිටපු අග්‍රාමාත්‍ය වරයෙකු වන නවාස් ශරීෆ් ගේ බාල සොහොයුරා ද වේ.