ඖෂධ හිඟයට විසදුමක් ලෙස මුදල් ඇමතිගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලියන 200ක්

April 8, 2022 at 2:50 PM

මුදල් අමාත්‍ය වරයා ලෙස පත්කල අලි සබ්‍රි මහතා පසුගිය දා ජනාධිපතිවරයා වෙතයැවූ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිලි නොගත් බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කලේය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවට යන මෙරට නියෝජිත පිරිස ද මේ වනවිට නම්කර ඇතැයි බන්දුල ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා ද පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කලේය.

එමෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ ඖෂධ හිඟයට විසඳුමක් ලෙස  කඩිනමින් ඖෂධ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 200ක් සෞඛ්‍ය අමාත්‍යංශය ට නිදහස් කර ඇති බවයි.