කැබිනට් ඇමතිවරු පස් දෙනෙකු තව නොබෝ වේලාවකින් දිවුරුම් දීමේ සූදානමක්

April 4, 2022 at 10:19 AM

අමාත්‍ය මණ්ඩලය සඳහා සාමාජිකයින් පස් දෙනෙකු අද දහවල් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත.

ආරංචි මාර්ග සඳහන් කළේ මධ්‍යහන 12 ට පෙර එම දිවුරුම් දීම සිදුකෙරෙන බවයි.

කෙසේ වෙතත් ඒ කුමන අමාත්‍යංශ සඳහා දැයි මෙතෙක් ප්‍රකාශයට පත් වීනැත.

වත්මන් කැබිනට් මණ්ඩල සාමාජිකයින් මේ වනවිට සිය ඉල්ලා අස් වීමේ අභිලාෂය අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී ඇත.

ඒ අතරතුර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්විම ජනාධිපතිවරයා වෙත ලබා දී තිබේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර පැවැත්වීමට නියමිතයි.