මාධ්‍යවේදීන් ට හිරිහැර එපා.- ඇමති සරත් වීරසේකර ගෙන් පොලිස්පති ට උපදෙස්

April 2, 2022 at 3:20 PM

 

උද්ඝෝෂණ වලදී මාධ්‍යවේදීන් ට හිරිහැරයක් නොවන ලෙස කටයුතු කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

ඔහු වත්මන් උද්ඝෝෂණ සම්බන්ධයෙන් කල ප්‍රකාශය පහතින් දැක්වේ.

මහජන ආරක්ෂක ඇමතිවරයා ලෙස මගේ වගකීම; නීතිය හා සාමය රැකීම සහ ජනතාවගේ ආරක්ෂාව සපයන එක. අපි දන්නවා ගෑස්, විදුලිය,ඉන්ධන සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න ගණනාවකට මුහුණ දී සිටිනවා.මෙම තත්ත්වය උදාවීම ගැන රජයක් වශයෙන් වගකීමෙන් බැහැර වෙන්න බැහැ, බැහැර
වෙන්නෙත් නැහැ. මේ සම්බන්ධයෙන් ජනතාව උද්ඝෝෂණ තියනවා.රැළි පවත්වනවා. ඒක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒක රජය විසින්
කිසිසේත්ම උදුර ගන්නෙ නැහැ.

නමුත් උද්ඝෝෂණ මුවාවෙන් පොදු දේපලවලට
හානි සිදු කරනවා නම්, වෙළඳසැල් කඩනවා නම්, නිවාසවලට අලාභ හානි කරනවා නම්, ඔවුන්ට විරුද්ධව පොලීසිය දැඩි නිතිමය පියවර ගන්නවා.
පොලීසියට උපදෙස් දීල තිබෙනවා මේ කඩාකප්පල්කාරීන් අතර සාමකාමීව සිටින අය හඳුනා ගන්නා ලෙසත්.

විශේෂයෙන්ම මාධ්‍යවේදීන් කරන්නෙ ඔවුන්ගෙ
රාජකාරිය. ඔවුන්ටත් හිරිහැරයක් නොවන ලෙසට කටයුතු කරන ලෙස මම
පොලීසියට උපදෙස් ලබා දීල තියෙනවා.