ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචිව සිටින මිරිහාන පිහිටි එතුමාගේ නිවස අසල මේ වන විට දැවැන්ත මහජන විරෝධතාවයක් දියත් වෙමින් පවතිනවා.
විදුලි කප්පාදුව, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟතාවය ඇතුළු ගැටළු මුල් කර ගනිමින් අද පස්වරු 7.30ට පමණ ආරම්භ වූ විරෝධතාවය මේ දක්වා ක්‍රියාත්මක වෙමින් පවතියි.
මේ වන විට තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එම ස්ථානයට අනියුක්තව කර ඇත.
මිට සුළු මොහොතකට පෙර විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් ද එල්ල කරනු ලැබුවා.