පවතින විදුලි අර්බුදය මඳක් හෝ සමනය කිරීම සඳහා කල් ඇතිවම මහජන උපයෝගීතා කොමිසම සහ දේශපාලන අධිකාරිය දැනුවත් කළද ඊට කන් නොදීම වත්මන් තත්ත්වය ට හේතුවී ඇතිබව ලංකා විදුලි ඉංජිනේරු සංගමය චෝදනා කරයි.
එහි සභාපති අනිල් රන්ජිත් මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් පැවසුවේ කොළඹ වරායේ පාවෙන බලාගාරය සතුවද ඇත්තේ දින තුනකට සෑහෙන ඉන්ධන පමණක් බවයි.
ඒ අනුව අර්බුදය තව තවත් වැඩිවන බව ඔහු පෙන්වා දුන්නේය.
” මේක විදුලි බල මණ්ඩලයේ ගැටලුවක් නොවේ. අපි සූදානම් යන්ත්‍ර දුවවන්න. නමුත් ඉන්ධන හෝ වර්ශාව ලැබිය යුතුයි .ඒ දෙක නොලැබුණ හොත් අවුරුදු සමයේත් අසීරුතා විය හැකියි.
අප මේ තත්ත්වය මිට පෙර මහජන උපයෝගීතා කොමිසම සහ දේශපාලන අධිකාරිය ට කිව්වා ,පැයක් හෝ කප්පාදුවකට යා යුතු බව.නමුත් ඒ අය ඊට අවසර දුන්නේ නෑ. ඒ නිසයි මේක තව උග්‍ර වුණේ.”
සභාපති වරයා පැවසීය.