ශ්‍රී ලංකා පොලීසිය මගින් මහජනතාවට සපයන සේවාව කඩිනම් කිරීම හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසියට ජිප් රථ 750ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දීම සඳහා වූ අවබෝධතා ගිවිසුම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී අත්සන් තැබිණ.
මෙම ජිප් රථ ලබාදීම අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන අතර අගෝස්තු මස අවසානයට පෙර ජිප් රථ 250ක්ද, සැප්තැම්බර් මස අවසානයට පෙර ජිප් රථ 250ක් සහ 2023 වසරේ මාර්තු මස අවසානයට පෙර ජිප් රථ 250ක්ද ලබාදීම මෙම ගිවිසුම අනුව සිදුවේ. මෙහි මුළු වටිනාකම බිලියන බිලියන 2.5 කි.
මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය සඳහා ත්‍රීවිල් රථ 2000 ක්, ජපන් ආධාර යටතේ ජිප් රථ ඇතුළු වාහන 72ක් සහ යතුරුපැදි 150 ක් ලබා දී ඇත