රුපියල් 20 සමරු කාසි දෙකක්

March 21, 2022 at 5:01 PM

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට හා මෙරට ප්‍රථම ජන හා නිවාස සංගණනයට වසර 150ක් පිරීම නිමිත්තෙන් රුපියල් 20ක මුහුණත වටිනාකමින් යුත් නව සමරු කාසි දෙකක් නිකුත් කෙරේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රිකා එල්. විජේරත්න මහත්මිය සහ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.පී. අනුර කුමාර මහතා අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සමරු කාසි පිළිගැන්වූහ.