තවත් ගෑස් නැවකට මුදල් ගෙවයි

March 19, 2022 at 4:58 PM

ලබන සඳුදා මෙරටට පැමිණෙන ගෑස් නෞකාවක් සඳහාද මුදල් ගෙවා ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.

මේවන විට ගෑස් මෙට්‍රික් ටොන් 3500ක නෞකාවකින් ගෑස් බෙදාහරිමින් පවතින අතර එම ගෑස් තොග දින තුනකට පමණක් ප්‍රමාණවත් වේ.

ගෑස් මෙට්‍රික් ටොන් එකකින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80ක් පමණ පිරවිය හැකි වේ.

මේ අතර ලබන සඳුදා තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතය.

එම නෞකාව සඳහාද මුදල් ගෙවීමට අද පස්වරුවේ හැකිවූ බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.