මෙරට ඛනිජ තෙල් ඉල්ලුම ඉහල යයි

March 19, 2022 at 12:58 PM

මේ වන විට මෙරට සාමාන්‍ය ඛනිජතෙල් ඉල්ලුම ඉහල ගොස් තිබීම ගැටලු සහගත තත්ත්වයක් බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්වසයි.

මෙරට දෛනික  සාමාන්‍ය ඩීසල් ඉල්ලුම මෙට්‍රික් ටොන්  5500ක් වුවත් එය මේ වනවිට මෙට්‍රික් ටොන්  8000 දක්වා වැඩි වී තිබේ.

එමෙන්ම පෙට්‍රල් දෛනික ඉල්ලුම මෙට්‍රික් ටොන්  3300 සිට 4500 දක්වා ඉහල ගොස් තිබේ.

අද වන විට මෙරටට පැමිණ තිබූ පෙට්‍රල් නෞකාවකින් ඉන්ධන ගොඩ බා අවසන් බව ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති වරයා පවසයි.

කෙසේ වෙතත් ඩීසල් නෞකාව සඳහා ඩොලර් ගෙවීම තවදුරටත් ගැටලුව ක් වී තිබේ.

ඒ එම නෞකාවේ ගාස්තුව ඩොලර් මිලියන 42 සිට ඩොලර් මිලියන 56ක් දක්වා ඉහල යාම හේතුවෙනි .මෙම නෞකාව සඳහා දෛනික ප්‍රමාද ගාස්තුවද ඩොලර් 18000ක් පමණ වේ.