පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ලිට්රෝ සමාගමට ගෑස් කර්මාන්තය සිදුකර ගෙන යාම අසීරු වී ඇතැයි ලිට්රෝ සුරැකීමේ සංගමය පවසයි.
දැනට පවතින මිල ගණන් අනුව කිලෝ 12.5 ගෘහස්ථ ගැස් සිලින්ඩරයකින් රුපියල් 2000ක පාඩුවක්ලබන බවයි ඔවුන් පවසන්නේ.
අද මෙට්රික් ටොන් 3500 ක ගෑස් නෞකාවක ගෑස් තොග බෙදාහැරීම ආරම්භ වූ අතර එම ප්රමාණය දින තුනකට පමණ සෑහෙනු ඇති.
කෙසේවෙතත් තවත් ගැස් මෙට්රික් ටොන් 3500ක් රෑගත් නෞකාවක් සඳුදා පැමිණීමට නියමිතය.
ඒ සඳහා ගෙවීම් කිරීමට මහ බැංකුව මගින් යහපත් ප්රතිචාර දක්වා ඇතැයි ලිට්රෝ සමාගම පවසයි.