දෙදින නිල සංචාරයක් සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා අද දිවයිනෙන් පිටත් ව ගියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් අධ්යක්ෂ වරයා ද ඊයේ ඔවුන් හමුවූ අතර ශ්‍රීලංකා ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඉකුත් දා කළ යෝජනා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබේ.
මුදල් අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරයකට එක් වන්නේ ඉන්දියාව ඩොලර් බිලියන 1.5ක සහන ණය පැකේජයක් අනුමත කර ඇති පසුබිමක වීම විශේෂත්වයකි .
ඉන් ඩොලර් මිලියන 500ක් ඉන්ධන මිලදී ගැනීමටත් ඉතිරි ඩොලර් බිලියනය අත්‍යවශ්‍ය ආනයන සඳහාත් වෙන් කෙරේ.