ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම රාජකාරී වාහන සහ නිල නිවාස සියල්ලම අද දිනයේ ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බී. වික්‍රම මහතාට භාර දෙන ලදී.
මේ සම්බන්ධයෙන් අප ගරු අමාත්‍යතුමාගෙන් විමසන අවස්ථාවේදී එතුමා සදහන් කළේ එය නිවැරදි බවත්, තම පවුලේ සහෝදරයකුගෙන් ලබා ගන්නා පෞද්ගලික කුඩා රථයක් ඉදිරියට භාවිතා කරන බවත්ය.
තමන් අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම් වර්ජනය කිරීමත් අමාත්‍යංශයේ රාජකාරී වලින් ඉවත්වීමත් නිසා තව දුරටත් වාහන සහ අනෙකුත් අමාත්‍යංශයේ පහසුකම් ලබා ගැනීම සදාචාර නොවන බැවින් මෙම තීරණයට එලැඹි බව වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් දැනුම් දෙන ලදී.