ඌරු හදවතක් බද්ධ කර ගත් ලොව පළමු මිනිසාඅ වන ඩේවිඩ් බෙනට්, ලෙවපුරා ඉන්ද්‍රිය බද්ධ කිරීම ගැන සුබවාදී අපේක්ෂාවන් බොඳ කරමින් ජීවිතක්ෂයට පත්ව් ඇත.
ඇමෙරිකාවේ දී පසුගිය ජනවාරි 7 වැනිදා සිදුකල සැත්කමකදී 57 හැවිරිදි බෙනට් ට ජාන නවීකෘත ඌරු හ්දවතක් බද්ධ කෙරිණ.
එය සැලකෙන්නේ මිනිසෙකුට කළ ලොව පළමු ඌරු හදවත් බද්ධ ය ලෙසයි.
සැත්කමින් පසුවත් බෙනට් රෝහල් ගතව රැඳී සිටි අතර ඔහු සතුටින් කල්ගත කළ බව වෛද්‍ය වරුන් පවසා තිබුණි.
සිය සුරතල් සුනඛයා බැලීමට නිවෙස වෙත යාමේ ආශාවකින් සිටියද ඔහු හදිසියේම රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මියගියේය.
කෙසේවෙතත් බෙනට් මෙරට ඉන්ද්‍රීය බද්ධ කිරීම් සඳහා නව පරිච්ඡේදයක් සටහන් කළ බව වෛද්‍ය මතයයි.