රුසියාවට ආර්ථික යුද්ධයක්. රූබලය ශීඝ්‍ර පසුබෑමක.

February 28, 2022 at 7:48 AM

පවතින යුද තත්ත්වය හමුවේ යුරෝපා සංගමය මෙන්ම ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල ආර්ථික බලපෑම් හේතුවෙන් රුසියානු විනිමය අර්බුදයක් හට ගෙන තිබේ.

රුසියානු මුදල් ඒකකය වන රූබලය අද වනවිට 41%කින් ඩොලරයට සාපේක්ෂව පහල බැස ඇත.

රුසියානු මහබැංකුවේ සංචිත ඝණිකරණය හේතුවෙන් ඩොලර් බිලියන 630ක් පමණ සිරවී ඇතිබවද වාර්තාවේ.

මීට අමතරව යුරෝපා සංගමය ජාත්‍යන්තර මූල්‍ය සන්නිවේදන ජාලය වන ස්විෆ්ට් ජාලයෙන් රුසියානු බැංකු පද්ධතිය ඉවත් කිරීමටද කටයුතු කළ අතර ජාත්‍යන්තර ගනුදෙනු වලදී රුසියාවට ගැටලු සහගත තත්ත්වයක් උදා වී ඇත.