රුසියා – යුක්‍රේන සාමයට කොළ එළියක්.

February 27, 2022 at 7:24 PM

බෙලරූස් යුක්‍රේන දේශ සීමාවේ ප්‍රිප්‍යාත් ගංගාව ආසන්නයේදී සාකච්ඡා වටයක් පැවැත්වීමට රුසියානු සහ යුක්‍රේන නියෝජිත පිරිස් එකඟතාව පලකර තිබේ.

මීට පෙර ද රුසියාව බෙලරූස් රාජ්‍යයේ සාකච්ඡා සඳහා යුක්‍රේන යට ඇරයුම් කළද යුක්‍රේන ජනපති ව්ලදිමීර් සෙලෙන්ස්කි එය ප්‍රතික්ෂේප කළේ යුක්‍රේන ආක්‍රමණය සඳහා බෙලරූස් රාජ්‍යය යොදාගන්නා බව පවසමිනි.

නමුත් බෙලරූස් ජනපති ඇලෙක්සැන්ඩර් යුක්ෂ්ව්න්කෝ යුක්‍රේන ජනාධිපතිවරයා සමග දුරකථනයෙන් සංවාදයක් පවත්වමින් සහතික වී ඇත්තේ සාකච්ඡාවට ආරම්භවී අවසන් වනතුරුත්  ගුවන් ප්‍රහාරක යානා , හෙලිකොප්ටර් සහ මිසයිල ගුවන් ගත නොකරන බවයි.

කෙසේ වෙතත් සාකච්ඡා වටය පැවැත්වෙන දිනය හා වේලාව මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.