ඉන්ධන මිල වැඩි වීම සහ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන ලබා දීම සීමා කිරීමත් හේතුවෙන් බස් කර්මාන්තයට දැඩි අවධානයට ලක් වී ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරකරයි .
කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් සදුදා සිට බස් රථ ධාවනය 50% කින් අඩු කිරීමට සිදුවෙන බවයි
” මේ අවස්ථාවේ ඉන්ධන පිරිමසා ගෙන බස් ධාවනය කරන්න සිදුවෙලා තියෙනවා. එසේම ඒ සඳහා අදාළ ගමන් වාර සංඛ්‍යාවන් අදාළ බලධාරීන් විසින් සැකසිය යුතුයි”
“ජනතාවත් අමාරුවෙන් ඉන්න මොහොතක් නිසා අපි බස් ගාස්තු වැඩි කරන්න කියලා ඉල්ලන්නේ නෑ නමුත් අපිට සහනයක් ලබා දෙන්න”