බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරය යළි ස්ථාපිත කෙරේ.විදේශ අමාත්‍ය ධුරය විදේශ කටයුතු අමාත්‍යාංශය බවට පත් කෙරේ. අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

February 23, 2022 at 10:04 PM

ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස් වීමෙන් පසුව අහෝසිකරන ලද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරය යලි ස්ථාපිත කරමින් සහ තවත් සංශෝධන ඇතුළත්ව අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරය යලි පිහිටුවා ඇත.

එ මෙන්ම මුදල් අමාත්‍ය වරයා යටතට පවරා තිබුණු ආර්ථික පුනර්ජීවනය ඇතිකිරීමේ කාර්‍යයන් රජයේ ප්‍රමුඛතා කාර්‍යයක් ලෙස එම ජනාධිපති කාර්‍ය සාධක බලකායක් වශයෙන් සඳහන් කර ඇත.

 

මේ එම නිවේදනයේ දැක්වෙන රාජ්‍ය අමාත්‍යාංශය පිහිටුවීමේ නිවේදනයයි.

මීට අමතරව විදේශ අමාත්‍ය ලෙස නම්කර තිබූ අමාත්‍යාංශය විදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස නම්කරමින් ද නිවේදනයක් එහි ඇතුළත් ය.