උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුලදී විදුලිය විසන්ධි වීම වැළැක්වීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලය අද නිවේදනය කර සිටිනවා.
විභාගය පැවැත්වෙන අද පෙරවරු 08.30 සිට 11.30 දක්වා සහ පස්වරු 01.30 සිට පස්වරු 04.30 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස තීරණය කර ඇති බවටයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනී සඳහන් කර සිටියේ.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර අද පස්වරු 04.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි වන බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජානක රත්නායක පැවසුවේ.
අද දිනයේදී විදුලි කප්පාදුව සිදුකරන වෙලාව දැන ගන්න පහත සබැදියට යොමු වෙන්න :
https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/02/Power-Interruption-Schedule-21-02-2022.pdf