ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයෙන් ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
භානුක රාජපක්ෂ ඉන්දියාවට යාම සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම් ජෛව බුබුල යටතේ සිටි නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග NewsWire වෙත පැවසුවේ භානුක රාජපක්ෂ ඉන්දීය තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා T20 සංචිතයේ සාමාජිකයෙකු නොවන බවයි.
පසුගිය සතියේ කිලෝමීටර් 2ක යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වුවද භානුක රාජපක්ෂ තවමත් අවශ්‍ය ශාරීරික යෝග්‍යතා මට්ටමට ළඟා වී නොමැති බැවින් ඔහුව සංචිතයට එක් කර නොගැනීමට තීරණය කර ඇති බව ක්‍රිකට් තේරීම් කමිටු ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.
ඉන්දීය විස්සයි20 තරගාවලිය හේතුවෙන් භානුක රාජපක්ෂට පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම සතිය මුලදී අවසර ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණා.
2022 IPL වෙන්දේසියේදී තෝරා ගත් එකම ශ්‍රී ලංකා පිතිකරුවා භානුක රාජපක්ෂ වූ අතර ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 50කට පන්ජාබ් කිංග්ස් විසින් මිලදී ගනු ලැබුවා.
ඉන්දීය තරගාවලිය සඳහා වන විස්සයි20 සංචිතය මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර නැහැ.