ශ්රී ලංකාවේ පෙට්රල් සහ ඩීසල් මිළ ගණන් කලාපයේ අනෙක් රටවල් හා සැසඳීමේදී අඩු අගයක පවතින බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.
ට්විටර් සටහනක් තබමින් ඔහු කියාසිටියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුකර ඇත්තේ දීර්ඝ කලකට පෙර බවයි.
ශ්රී ලංකාවේ පෙට්රල් ලීටරයක් අමෙරිකානු ඩොලර් 0.88 කටත්, ඩීසල් ලීටරයක් ඩොලර් 0.60ක මිළකටත් අලෙවි වන බව ලෝක බැංකු වාර්තා උපුටා දක්වමින් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙනවා.
Sri Lanka's #fuel price revision is now long overdue, and #petrol & #diesel pump-prices are in some instances less than half that of some countries in the #region. @CBSL #MinistryofEnergy #CPC #SriLanka #GoSL 🇦🇫🇧🇩🇧🇹🇮🇳🇵🇰🇳🇵 pic.twitter.com/7rAUU5zPMd
— Ajith Nivard Cabraal (@an_cabraal) February 19, 2022