ඉතා අමානුෂීය අයුරින් පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළුව සැකකරුවන් 4 දෙනෙකුව තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉකුත් 17වනදා රාත්රියේ තංගල්ල විතාරන්දෙනිය ප්රදේශයයේදී බිමත් පිරිසක් විසින් පොලිස් කොස්තාපල්වරයෙක්ට, ඔහුගේ බිරිඳට සහ ඔහුගේ බාල සහෝදරයාට පහරදීමේ සිද්ධියක් වාර්තා වුණා.
එම පහරදීමෙන් කොස්තාපල්වරයා මියගොස් තිබූ අතර ඔහුගේ බාල සහෝදරයා බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලේ දැඩිසත්තාර ඒකකයේ ප්රතිකාර ලබමින් පසුවනවා.
තංගල්ල පොලීසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු ඇතුළු සෙසු 15 දෙනා හඳුනාගෙන ඇති බවයි.
මියගොස් තිබුණේ දක්ෂිණ අධිවේග මාර්ගයේ රාජකාරී කළ චතුරංග දිල්ෂාන් නැමති 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.